Friday, December 30, 2011

ඩාවින්ගේ පරිණාමවාදය No More

බොහෝ ආගම් වල තියෙනවා මිනිස්සුන්ව මැව්වෙ දෙවියෝ කියලා. ඒ අස්සෙ චාල්ස් ඩාවින් කියනවා මිනිස්සු වානරයන්ගෙන් පරිණාමය වුණා කියලා. මොකක්ද ඇත්ත? මේ දෙකම බොරු. මෙන්න ඇත්ත කතාව මෙහෙමයි.

විශ්වයේ ස්වභාවය තමයි ප්‍රසාරණය වීම හා සංකෝචනය වීම. මෙය දිගින් දිගටම සිදුවන ක්‍රියාවලියක්. ආරම්භයක් හෝ අවසානයක් නැත. විශ්වය සංකෝචනය වූ විට සියලු සත්ත්වයින් ආභස්සර බ්‍රහ්ම ලෝක වල සහ ලෝකාන්තරික නිර වල උපදී. එම ලෝක වල පැවැත්මට ත්‍රිමාණ අවකාශය අවශ්‍ය නොවේ. නැවත විශ්වය ප්‍රසාරණය වීමට පටන් ගත් විට ආභස්සර බ්‍රහ්ම ලෝක වල ජීවීන් අවකාශයේ සැරිසැරීමට පටන් ගනී. මෙම ජීවීන් ඉතා සියුම් ශරීර වලින් යුක්තය. ආලෝකය පිට කරන නිසා ඉතා ප්‍රභාශ්වර වේ. ප්‍රීතිය ආහාර කොට ගනී. අධි වේගයෙන් ගමන් කරයි. 
විශ්වය ප්‍රසාරණය වීමේදී ද්‍රව්‍ය හට ගනී. ද්‍රව්‍ය එක් වී නිහාරිකා හට ගනී. නිහාරිකා මිලියන ගණනක් එක් වී මන්දාකිණී (සහස්සී ලෝක ධාතු ) හටගනී. මන්දාකිණී දහසක් එක් වී ද්විසහස්සී ලෝක ධාතු ඇති වේ. ද්විසහස්සී ලෝක ධාතු දහසක් එක් වී ත්‍රිසහස්සී ලෝක ධාතු ඇති වේ. විශ්වයේ එවැනි ත්‍රිසහස්සී ලෝක ධාතු අනන්ත අප්‍රමාණ ගණනක් ඇති වේ. 

පසුව නිහාරිකා ඝනීභවනය වී තාරකා ද ඒ වටා ග්‍රහලෝක ද ග්‍රහලෝක වටා උපග්‍රහයින් ද හටගනී. ඇතැම් ග්‍රහලෝක ජීවීන්ගේ වාසයට සුදුසු ස්ථාන බවට පත් වේ. එක් මන්දාකිණියක එවැනි සුදුසු ස්ථාන දහසක් පමණ ඇති වේ. 

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ආභස්සර බ්‍රහ්මයින් විවිධ ග්‍රහලෝක වලට ගොස් ජනාවාස බිහි කරගන්නේ මෙසේය.

දීර්ඝ කාලයක් අහසෙහි සැරිසැරූ ආභස්සර ජීවීන් ග්‍රහලෝක තුළට පැමිණේ. ග්‍රහලෝක මතුපිට ඇති රස ඕජාව ඉවර වෙන තෙක් ආහාරයට ගනී. පසුව තවත් හතු, පැළෑටි වැනි ආහාර හට ගනී. මොවුන් මේවාද ආහාරයට ගනී. ක්‍රමයෙන් මොවුන්ගේ අධිමානසික හැකියාවන් නැති වේ. ආලෝකය නැති වේ. සිරුරු ඝන වේ. ලිංගභේදය ඇති වේ. දරුවන් බිහි කිරීමේ හැකියාව ඇති වේ. 

වැඩි විස්තර සඳහා බලන්න.

අග්ගඤ්ඤ සූත්‍රයේ ඇත්තේ එසේය.

මේ අයුරින් මිනිසා බිහි වී ඇත්තේ ආභස්සර ජීවීන්ගෙනි. ඩාවින් කියන පරිදි වානරයින්ගෙන් නොවේ. තිරිසන් සතුන්ගෙන් කිසිසේත්ම මිනිසා වැනි බුද්ධිමත් ජීවීන් ඇති නොවේ. බටහිරින් පැමිණි පරිණාමවාදය ශ්‍රී ලංකාවේ විද්‍යා විෂය ධාරාවන්ට එක් වීම කණගාටුවට කරුණකි. බටහිර ගැත්තන් මෙම තිරිසන් බහුබූත පරිණාමවාදය මහා ඉහළින් පිළිගනී. මෙය මුළුමහත් විෂය ධාරාවන්ගෙන් ඉවත් කළ යුතු වේ. 

මිනිසා ඇති වූයේ මෙසේ නම් ඒ අස්සට සර්වබලධාරියෙක් රිංගාගත්තෙ කොහොමද?

මෙසේ බොහෝ පරම්පරා ඇති වූ කල්හි පිටසක්වළ ජීවීන් (මිනිස් විශේෂ, දේව විශේෂ හා බ්‍රහ්ම විශේෂ ) මොවුන්ගේ පැවැත්මට උදව් උපකාර කර ඇත. මෙලොව මිනිසුන් වරදවා වටහාගෙන ඇත්තේ සර්ව බලධාරියා ලෙසයි. එසේම ලෝකාරම්භය ගැනද විවිධ සංකල්ප බිහි විය. 
එසේම ලෝකයේ විවිධ විනාශයන් (ස්වාභාවික හා යුදමය ) සිදුවී මුළුමහත් මිනිස් ප්‍රජාව සියදහස් වරක් මෙලොවින් තුරන් වී ඇත. එසේ තුරන් වන වාරයක් වාරයක් පාසා වෙනත් ලොවක ජීවීන් පැමිණ ජාන තාක්ෂණයෙන් නැවත මිනිස් පරපුර ඇති කර තිබේ. එවිටද මිනිස් පරපුර එම පිටසක්වළ ජීවීන් ඔවුන්ගේ සර්ව බලධාරියා යනුවෙන් වරදවා වටහාගෙන ඇත. ලෝකයේ විවිධ ආගම් බිහිවන්නේ මෙසේය.

නූතනය තාක්ෂණයෙන් සපිරි යුගයක් වේ. එනමුත් මෙය අමුතු යුගයක් නොවේ. මීට පෙරද මෙවැනි යුග සිය දහස් ගණන් තිබී ඇත. 

No comments:

Post a Comment